තුන - 3

තිසරණය - 3 යි
Holy Trinity - 3 යි
විෂ්ණු/බ්‍රහ්ම/ශිව- ත්‍රී මූර්තිය - 3 යි
ජාතිය,ආගම, සංස්කෘතිය - 3 යි
රට,දැය,සමය - 3 යි

තුන නැත්නම් තොපි කොරයි... කොයි තුන නැති උනත් රට කරවන්න නම් ජාතිය, ආගම, සංස්කෘතිය තම පාලනයට නතු කර ගත යුතුය.
කන්ද උඩරට රජකම දරන්නට නම් දළදා වහන්සේගේ භාරකාරත්වය හිමි විය යුතුය. දළදා වහන්සේගේ භාරකාරත්වය ලැබීමට නම් බෞද්ධයෙක් විය යුතුය.
නායක්කර් වංශික කන්දසාමි කුමාරයා සියල්ල අතහැර බෞද්ධයෙකු වී ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ විය.
S W R D සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් .. සුද්දා රට හැර දමා ගිය පසු අපට ඉතිරි කර ගිය තවත් කළු සුද්දෙක්. කළිසම් කබා හැඳ , ටයි පටියෙන් ගෙල හිරකර පයිප්පය උරමින් උඩුමහලින් පහත මාලයට බසින බණ්ඩාරනායක උන්නැහේ ජාතික ඇඳුමට බැස්සේය.
පකිස්ලන්තයේ  තිබුණේ ප්‍රධාන භාෂා දෙකකි. සිංහළ සහ දෙමළ. දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූ මුස්ලිමුන්ද භාවිතා කෙරුවේ දෙමළ භාෂාවමය. වතුකරයේ දෙමළුන්  සිහළුන් හා මිශ්‍රව උන් හා ආවාහ විවාහ කටයුතු පවා කර ගෙන දෙමළුන් සිංහළද; සිහළුන් දෙමළද උගත්තේය. ආණ්ඩුවේ රාජකාරි කෙරුනේ ඉන්ගිරිසියෙනි.
එදා රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි ලෙසටම තියෙන්නට හැර සිහළුන්ගේ දෙවන බස දෙමළද , දෙමළුන්ගේ දෙවන බස සිංහළයද කළා නම් පසු කාලීනව සිදුවූ අවාසනාවන්ත විපත්ති බොහොමයක් මග හැර ගන්නට තිබුණාය.

සිංහළ භාෂාවට මුල් තැන දීමේ ප්‍රතිවිපාක

"පැය 24 න් රාජ්‍ය භාෂාව සිංහළ කරමි" 

බෞද්ධ බයියන් චූන් කිරීමට එය හොඳටම ප්‍රමාණවත් විය.

ක්‍රිස්තියානියේම එක නිකායක් වන එංගලන්ත සභාවට අයත් J R ද අමු කළු සුද්දෙකි. පසු කලෙක පකිස්ලන්තයේ අගමැති තනතුර දැරූ රනිල්ද කතෝලිකයෙකි. එතෙක් ඇඳි කළිසම් කබා ඉවතලා ජාතික ඇඳුමට බැස, මල් වට්ටි ගෙන පන්සල් වන්දනා කිරීමද , පඩයක් ගියත් අටපිරිකර රැගෙන අස්ගිරි-මල්වතු ඩබල ලවා පිරිත් නූල ගැට ගසා ගැනීමද බෞද්ධ බයියන් රැවටීමට හොඳටම ප්‍රමාණවත් විය.