නිදහස ....?

ආයෙමත් නිදහස සමරන්න ලෑස්තිය. සන්නාහ සන්නද්ද යුද රත තම යුද ශක්තිය ලොවට පෙන්වයි.
වම - දකුණ  ලෙෆ්ට් - රයිට්...ගමනේ යා.. 
මේවට සහභාගිවෙන්නෙ රෙදිත් ඇඳ ගෙනද . අපි නිදහස් ස්වෛරී ජාතියක්ලු. අපට තීරණයක් ගන්න පුළුවන්ද ඉන්දියාවෙන්, චීනෙන්,ඇමරිකාවෙන් අහන්නේ නැතිව ? 
අපිට පුළුවන්ද අපි කැමති කෙනෙකුට අපේ ඡන්දෙ දෙන්න ? අපිට පුළුවන්ද අපි කැමති තැනක ජීවත්වෙන්න , අපි කැමති දෙයක් ඉගෙන ගන්න.. අපි කැමති රැකියාවක් කරන්න. අඩු තරමින් අපි කැමති කෑමක් කන්න අපට පුළුවන්ද ? මේ එකක්වත් අපට කරන්න බෑ. ඒත් අපි නිදහස්ලු.
" ඇඟිල්ලෙන් ඇන හිට වූ බීජයක් වුව දලුලා රූස්ස ගසක් වන තරම් සරුසාර පසක් , කලට වැසි වසින දේශගුණයක් හිමි අපට.."
එහෙමයි සිරිමගෙ කාලෙ බෙදාපු අභ්‍යාස පොත්වල පිට කවරේ ඇතුල් පැත්තෙ මුද්‍රණය කර තිබුණේ.
"දේවො වස්සතු කාලෙන-- රජාභවතු ධම්මිකො" කෙටි අර්ථය:
රජතුමා ධාර්මික වූ කල දෙවියන් කලට වැස්ස ලබා දෙන බවයි.
අපට රජෙක් නැතත් 1977 න් පසුව බලයට ආ සියළුම නායකයන්  අපතයන්, මුග්ධයන්.. කාලකණ්නින්..  ඒ නිසාම කාළගුණයත් වෙනස් වෙලා.
සුන්දර සිරි බරිණී- සුරැඳි අති සෝබමාන  ..."
කැලෑ එලි කරනවා- ගස් කපනවා. උල්පත් හිඳෙනවා වතුර නෑ. සතා සීපාවාට  ඉන්න තැනක් නෑ. වල් අලි ගම් වදිනවා. උන් මරා දානවා. 1980 දී පකිස්ලන්තෙ කැලෑ වල වල් අලි 20000 ක් හිටියා. දැන් ඉන්නේ 2000 ටත් අඩු සංඛ්‍යාවක්. සුද්දන්ට එන්නලු  රටේ ස්වභාවික සෞන්දර්ය බලන්න.ගස් යට කුණු වෙලා යන අත්‍යවශ්‍ය නැති කෑමක් වන සියඹලා චීනෙන් ආනයනය කරල සුපර් මාකට් වල විකිණෙනවා. ඉතින් ඩොලර් හිගයි කියනවා.
අපි අහල තියෙනවා මැලිබන් මුදලාලි.. දාස මුදලාලි . නවලෝක මුදලාලි. දැන් එහෙම අය බිහි වෙන්නෙ නෑ.
පිටරටින් යන්ත්‍රයක් , විදුලි උපකරණයක් ගෙන්වන කොට ඒත් සමඟම එය ක්‍රියාත්මක කරන ආකාරය සඳහන් " Manual" එකක් නැත්නම් Operating Instructions ඇතුලත් පොත් පිංචක් එවනවා.
නිදහසත් එක්කම අපට ලැබුණු දෙයක් ප්‍රජාතන්ත්‍රවාදෙ.අපි තවම දන්නේ නැහැ ඒක ක්‍රියාත්මක කෙරෙන ආකාරය. අපට ලැබුණු නිදහස හරියට අර Manual එකක් නැතුව ආ විදුලි උපකරණයක් වගෙ.
අවුරුදු 5 න් 5 ට ආණ්ඩු මාරු වෙනවා. එක කට්ටියක් පළමු අවුරුදු 2 කලින් අයගේ වැරදි හොයනවා. ඊ ළඟ අවුරුදු දෙකේ උන්ට හම්බ කරගන්නව. උන්ට විතරක් නෙවි. උන්ගේ පරම්පරා කීපයකට. ඊළඟ අවුරුද්දේ ආයෙ බලයට එන හැටි ගැන ප්ලෑන් ගහනවා.
රටේ ආර්තිකයට ඔරොත්තු නොදෙන දැවැන්ත ව්‍යාපෘති මවල පෙන්වල තම කාලය දික් කර ගන්නවා. ඒවට අවශ්‍ය මුදල් ණයට ගන්නවා.
1948 නිදහස ලැබිල අවුරුදු දෙක තුනක් අයන කොටම සමහර විදේශිකයන්ට පවා තේරුනා පකිස් බූරුවෝ කියන්නේ කවදාවත් හැදෙන ජාතියක් නොවේ කියල. ඒකයි පිට දේශක්කාරයෙක් වෙලත් ටිබැට් ජාතික මහින්ද හාමුදුරුවෝ ඇහුවෙ "ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ"කියල.
සුද්දා අපෙන් නිදහස් උනාද ?
අපි සුද්දගෙන් නිදහස් උනාද ?
සීරුවෙන් සිට ගෙන අව්වේ කර වෙන ගමන් මේ පාරවත් හිතන්න අපි නිදහස් ජාතියක්ද කියල.
මැලේසියාවට තියෙනවා Twin Tower
එංගලන්තයට තියෙනවා Big Ben
ප්‍රංශයට තියෙනවා Eiffel Tower
අපිටත් එකක් තියෙනවා .......

කාට හරි කියන්න පුළුවන්ද මේ ලබ්බෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක්ද කියල?