පකිස්ලන්තයේ විවිධ තොරතුරු

හැම රටකටම විශේෂිත වූ ජාතික කොඩියක් ඇත. රාජ්‍ය උත්සව වලදී ජාතික කොඩිය ඔසවන්නේ සක් හඬ සහ මගුල් බෙර වාදන මධ්‍යයේ නංගිලා රංචුවක් විසින් ගායනා කෙරෙන පාලි ගාථාවන් සමඟය. එය ඇඟේ මයිල් කෙලින් වී ජාත්‍යාලය, දේශප්‍රේමය වගේ හැඟීම් උපද්දන ගාම්භීර ක්‍රියාවකි.

ලෝකයේ බොහෝ රටවල ජාතික කොඩිය එක තනි ඉරකින් පවා ඇඳ පෙන්විය හැකිය. සමහර රටවල එය රවුමකි. නැත්නම් ත්‍රිකෝණයකි. නැත්නම් තරුවක් හෝ තරු කීපයකි. පකිස්ලන්තයේ ජාතික කොඩිය එසේ-මෙසේ එකක් නොව විවිධ කතා කියැවෙන අප්‍රභංශයකි. කන්ට කැඳ නැතත්, අනෙක් ඒවා කාටවත් දෙවෙනි නොවන්නට තිබිය යුතුය. උන් යක්ඛ පුත්තු බොලව්.
වටේට ඇති කහ පාටින් රට වටා ඇති මුහුද සංකේතවත් කරයි. වම් පස කොළ පාටින් හා තැඹිලි පාටින් පෙන්නුම් කරන්නේ අවුරුද්ද පුරා ආනයනය කෙරෙන පළතුරුය. කොඩියේ මැද කුණු ලේ පාටින් පෙන්නුම් කෙරෙන්නේ ලේ බැංකුවයි. මැද ඉන්නේ පකිස්ලන්තයේ ජාතික සත්ත්වයා වන බූරුවාය. ඌ වටා ඇති බෝ කොළ හතර පකිස් වැසියා හෙවත් බයියාගේ ප්‍රධාන කෑම වර් හතර එනම්;  බත්, පාන්, පිදුරු සහ පුන්නක්කු සංකේතවත් කරයි.
අපේ අත්තම්මා කියන පරිදි බුදුවීමට පෙර අප මහ බෝසතාණෝ නොයෙක් ආත්මවල ඉපදී ඇත. උන්වහන්සේ වඳුරු ආත්මයකද ඉපදී ඇතත් බූරු ආත්මයක ඉපදී නැත. පකිස්ලන්තයේ ජාතික කොඩියට බෝසත් ආත්මයක සතෙක් යොදා ගත්තා නම් හැම රෙද්දකටම සිවුරු උස්සා ගෙන වලියට එන ගනින්නාන්සේලා මාරාන්තික උපවාස කරනු ඇත. නියත වශයෙන්ම බූරුවා රටේ පාලකයාගේ පටන් අවශේෂ මහජනයාගේ බුද්ධිය පිළිබිඹු කරන සතෙකි.