ජාතික වීරයෝ

 රට-ජාතිය-ආගම වෙනුවෙන් සටන් කළ, දිවි පිදූ අය ජාතික වීරයන් ලෙස සැලකේ.
ඔවුන් වෙනුවෙන් ස්මාරක - සිහිවටන සෑදේ. මුද්දර - සැමරුම් නිකුත් වේ. වසරේ යම් දිනයක් ඔවුන් වෙනුවෙන් නම් කෙරේ. කව්-ගී පබැඳේ.
මීට අමතරව සැමරුම් දින නැති , ස්මාරක - සිහිවටන නැති  සෘජුවම හෝ වක්‍රාකාරයෙන් රට වෙනුවෙන් ජීවිත පූජා කළ විරුවන් රාශියකි.
74 වන නිදහස් දිනය සමරන අද දින අප ඔවුන් වෙනුවෙන් කඳුලක් හෙලමු.
මහාචාර්ය සේනක බිබිලේ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, අමිත් මුනින්ද්‍රදාස, රිචර්ඩ් ද සොයිසා, ගාමිණී දිසානායක, ලක්ෂ්මන් කදිරගාමර්, ගංගොඩවිල සෝම හිමි, ඔසී අබේගුණසේකර, රවි රාජ් , ශ්‍රීපති සූරියාරච්චි, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඉන් කීප දෙනෙකි. ලැයිස්තුව මීට වඩා බොහෝ දිගය.
මොවුන්ද තම ජීවිත පූජා කලේ තම උපන් රට වෙනුවෙනි. මේවා සමහරක් රාජ්‍ය අනුග්‍රහය ලද දේශපාලන ඝාතනයන්ය. තවත් සමහරක් LTTE ගිණුමටද , තවත් සමහරක් JVP ගිණුමටද බැර විය.