දෙකේ කොළේ...

ඉස්සර තිබුණා රුපියලටත් නෝට්ටුවක්. රුපියල් දෙකටත් තිබුණා. කවුරුහරි අස්මජ්ජාති වැඩක් කළොත් කියන්නේ "වැඩේ දෙකේ කොළේට ගිහින්" කියල. දෙකයි පනහේ වැඩ කියලත් කියනව. ඇයි රුපියලේ කොලේට ගිහින් නොකීවේ...?
අපේ හාමුදුරුවො කරන්නෙම දෙකේ කොළේ වැඩ. දෙකයි පනහේ වැඩ.  
සමහරු ඉස්කෝලවල උගන්වනව.. සමහරු වෙදකම්, නැකැත් වැඩ, හදි හූනියම්.. වශී ගුරුකම්.. පාර්ලිමෙන්තුවෙත් ඉන්නව මේ කහකඩයො.
මට බලයක් ලැබුණොත් මම ඉස්සෙල්ලම කරන්නෙ මුන්ට දේශපාලනය කරන එක තහනම් කරන එක.
කහකඩයෝ  ? අපි උන්ට දණ නමස්කාර කරනව. පාවඩ දාල වඩම්මනව. කකුල් දෙකත් හෝදල ගෙට ගන්නවා.වතුරත් පෙරල අරන් දානෙ උයල පිළිගන්නනව.  ඒ උනාට උන් කරන්නේම දහ ජරා වැඩ. උන් නොදන්න මගුලක් නෑ. පොලිසියට වඩා හොරු අල්ලන්න දන්නව. හමුදාවට වඩා යුද්ද කරන්න දන්නව. 
පිකටින්-උද්ඝෝෂණ-හර්තාල්-උපවාස කොහෙද උන් එතන මුල් තැන. තමන්ගෙ ආගමික නායකයා උගන්වා ඇති විදියට බණක් භාවනාවක් කරන් ජීවත් වෙන්න බැරි ඇයි. නිකම් අපවත් වෙන්න හදනව.
ඔන්න අපේ ෆාදර්ලත් දැන් ඒ වැඩේට බැහැල. ක්‍රිස්තියානිය කියන්නේ ටයි කෝට අඳින මහත්වරුන්ගේ ආගම.
කාඩිනල් කියන වචනේ මම මුලින්ම දැක්කෙ ගෙදර තිබුණු පොලිෂ් ටින් එකක. කාඩිනල් කෙනෙකුගෙ පින්තූරෙකුත් තිබුණා. මට තේරුනේ නෑ කාඩිනල් කෙනෙකුගෙයි පොලිෂ් ටින් එකකයි අතර තියෙන සම්බන්ධය. දැන් නම් හිතෙනව වැඩි වෙනසක් නෑ කියල.
ඒ කාලෙ පත්තරවල කළු-සුදු පුන්තූර වල කාදිනල් තුමා නත්තල් දේව මෙහෙය පවත්වන හැටි තිබුණා. 80 ගණන් ව්ල රූප පෙට්ටිය ආවට පස්සෙනෙ දැක්කෙ උන්නාන්සෙගේ තේජස. රජෙක් වගේ. දිලිසෙන ඇඳුම් ඇඳල , ඔටුන්නක් දාල. ඇත්තටම ඒ අපේ පාප් වහන්සේ.
දැන් නම් බලු බෙටි ගාණට, හැම තැනම . උදේ - හවස- රෑ මාධ්‍ය සාකච්ඡා. විහින් බලු වෙලා. 
සපත්තු පොලිෂ් ටින් එකකටයි කාඩිනල් කියල දාන්න තිබුණේ. 

වැදගත් විදියට අර කලින් අර හිටියා වගේ ඉන්න බැරිද ?  තමන්ගේ තත්ත්වය රැක ගන්න නොදන්න මෝල් වහන්සේනමක් !