සාක්ෂරතාවය..

පකිස්ලන්තයේ වැසියන්ගේ හෙවත් පකිස්බූරුවන්ගේ සාක්ෂරතාවය 92% ක් බව ගූගල්(google) පවසයි.
සාක්ෂරතාව යන්නේ සරල තේරුම සරල වාක්‍යයක් ලිවීමට හා කියැවීමට ඇති හැකියාවයි. එහෙත් එය ඉන් එහාට ගිය දැනුම සහ අවබෝධය මුසු වූ දෙයකි.
ටැලිග්‍රැම් එකක් , බෙහෙත් සීට්ටුවක් කියවා ගන්න දැනුම තිබුණාම ඇති යයි කීම මීට වසර 60 කට 70 කට කලින් වැඩිහිටියන්ගේ අදහසයි.
1948 සිට අප මැතිවරණ කීයක් පවත්වා ඇද්ද? නිල්-කොළ-නිල් ආයෙමත් කොළ. මුන්.. නැත්නම් උන්.
උන්වත් , මුන්වත් රටට කළ දෙයක් නැත. පකිස්වැසියන් තර්ක කිරීමට පුළුවන. එහෙම කොහොමද කියන්නේ වරායවල් හැදුවේ නැද්ද? ගුවන් තොටුපොලවල් හැදුවේ නැද්ද? පිඹ ගෙන යන්න පුළුවන් හයිවේ(High Way) හැදුවේ නැද්ද යනාදී වශයෙන්.
අපට ලී පටියක් ලකුණු කර කෝදුවක් සාදා ගැනීමට බැරිය. අද වන විට ඇමරිකන් ඩොලරයක් රුපියල් 198 කි. තේරෙන බාසාවෙන් කීවොත් අප ඇමරිකාවෙන් එක ඩොලරයකට ගෙනෙන භාණ්ඩයක් සඳහා රුපියල් 198 ක් ගෙවිය යුතුය යන්නයි.
පකිස්බූරුවන් හෙවත් බයියන් මීටද බයි-ලොජික් එකක් දැමිය හැකිය.
"ඉස්සර වගේ නෙවේ. දැන් අන්තර්ජාතික වෙළඳාම වැඩි.. ඒකයි ඩොලරය නගින්නේ" කියා.
ආනයනය කළ යුත්තේ පකිස් පොළොවේ වගා කළ නොහැකි දේ සහ පකිස්බූරුවන්ට සෑදිය නොහැකි දේ බව අවබෝධ කර ගැනීමද සාක්ෂරතාවයේ අංගයකි.

කුඩා දරුවන් පවා පකිස් රජය සහ පාලකයන් විවේචනය කරන ආකාරය පහත වීඩියෝවෙන් බලා ගන්න.

අප හැමදාම කළේ හීනෙන් ඇවිදින අයෙක් රටේ පාලකයා බවට තෝරා පත් කර ගැනීමයි.මෙයා දෙන ටෝක් බලන විට ළඟදීම චීනෙට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරයිද කියලත් හිතෙනව !