දෙවියනි ඔබ කොහිද ?

මේ 21 වන සියවස. ඇමරිකන්කාරයා සඳ තරණය කොට , සඳ මත පා තබා දැන් උන් ක්‍රි.ව. 2050 වන විට අඟහරු ග්‍රහයා මත ජනවාස ඉදි කරන්න ලෑස්තිය.  තව ටික කලක් යන කොට පෘතුවිය අපට ඉඩ මදි වෙයි.  ඉඩකඩ මදි වෙයි. භූ සම්පත් හමාර වෙයි. ඒ නිසයි උන් දැම්ම ඉඳන්ම අපට යන්න තැනක් හොයන්නේ.
ඇමරිකන්කාරයටත් පුළුවන් සියළු දේම දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවේය කියා කරා බා ඉන්නට.  දෙවියන් කියා ජාතියක් නෑ. 
පකිස්ලන්තයේ නම් ඉන්නවා නා නා ප්‍රකාර දෙවිවරු. එකෙක් නුවණට අධිපති. තව එකෙක් ධනයට. පළි ගන්ට එකයි. ලෙඩ හොඳ කරන්ට තව එකයි. සංගීතයට තව එකයි. නැටුමට තව එකයි.
මගේ බයි ලොජික් අනුව දෙවියන්ගේ උපත මෙසේ සිදුවන්නට ඇත.
මීට වසර මිලියන 3 කට පමන පෙර ගල් ගුහාවල ජීවත්වූ මිනිසුන් දැන සිටියේ අතට අහුවන යමක කෑමට ගන්නට පමණයි.
විශාල ගල් පර්වත, විශාල ගස්, සුළඟ, වැස්ස, ගින්දර, මුහුද , ඉර හඳ තරු මොනවාදැයි , ඒවා ඇති වූයේ කෙසේදැයි දැන ගැනීමට තරම් උන්ගේ මනස වර්ධනය වී තිබුණේ නැහැ.
මේව දකින විට උන් තුල ඇතිවූයේ කුකුසක්. සැකයක්. ඊට පසුව බියක්. ඒ බිය නිසාම උන් ඒවාට වන්දනාමාන කිරීමට පුරුදු උනා. 
අද වන විටත් පාළු පාරක තනිවම විශාල ගසක යටින් යන විට ඔබේ සිතට බියක් දැනෙන්නේ ඒ නිසයි.
මේ අද්භූත වස්තූන් කෙරෙහි ඇති වූ බිය නිසාම ඒවාට යම් ගුප්ත බලයක් ඇතැයි උන් සිතුවා.  එයට දේව සංකල්පයක් ඇති උනා.  ගිනි දෙවියන්, වැස්ස වලාහක දෙවියන්, රුක් දෙවියන් ආදී වශයෙන්.
තවත් ටික කලකදී ගින්න ඇතිවෙන හැටිත්, පසුව ගින්න නිවා දැමිය හැකි බවත් මිනිසා දැන් ගත්තා. තමන්ට පාලනය කළ හැකි කෙනෙක් දෙවි කෙනෙක් වන්නේ නැහැ. උන් ගිනි දෙවියන් පිදීම අත් හැරියා. 
පසු ගිය දාක චීනයේ පවතවන්නට යෙදුනු ඔලිම්පික් සමාරම්භක උත්සවයට පරහට හිටියේ පිටිය ඉහලින් ඇදී ආ දැවැන්ත වැහි වලාකුලු. චීනා රසායන ද්‍රව්‍ය අඩංගු රොකට් දෙසිය ගණන වැහි වලාකුලු වලට විද වැස්ස නැවත්තුවා.  ඒ වගේම සිල්වර් අයඩයිඩ් වලාකුලුවලට විදීමෙන් කෘතිමව වැස්ස ඇති කල හැකි බව ඇමරිකන්කාරයා දන්නවා.
මේ මොකවත් බැරි පකිස්ලන්තවැසියා නියං කාලයේදී වැස්ස ඉල්ලා වැස්ස වලාහක දෙවියන්ට පුද පූජා පවත්වයි.
පකිස්වැසියාට තර්ක බුද්ධියක් කියා දෙයක් නැත. කතරගම දෙවියන් ජීවමානව ඉන්න බවට ආරංචියක් ලද විට කතරගං ගියේ ගම්වල ජීවත් වන නූගත් පිරිස විතරක් නොවේ.  බුදුන් ජීවමානව ඉන්න බවට නිකවැරටිය පැත්තේ මීට ටික කාලෙක හා-වක් හූ-වක් ගියා. මිනිස්සු නිකවැරටි ගියේ පෝලිමේ. 
මැටියෙන් හැදූ ගණ දෙවියන් කිරි බොනවා, මරියා කන්‍යා තුමියගේ දෑසින් කඳුළු එනවා. සෝමවති චෛත්‍යයේ බුදුරැස් විහිදෙනවා. ගොලුවෝ කතකරවනවා. කොරු ඇවිදිනවා.. මේ සේරම සැලැස්මකට  සිදුවන කපටි වැඩ. 
පකිස්බූරුවන්ට මේ සියල්ල ඇත්තය. 
වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු කාලයක තම දරුවා දොස්තරෙකුට නොපෙන්වා දෙවියන්ට යාඥා කරයි. පොඩි එකා මළ පසු පණ එන තුරු යාඥා කරයි.
යකෝ තොපි ඔච්චරම හරක්ද ?