බයි බයි බයි බයිය බබා

 මීට කලින්ද මා බයියෙක් බව පවසා ඇත.බයියෙකු යනු කවරෙක්දැයි නැවත කියමි.
" වෙනස් වන ලෝකය සමඟ ඉදිරියට යාමට අකමැති , එසේ නොවන (update නොවනා) , තමා අවට ඇති හා සිදුවන දේ ගැන කිසි දෙයක් නොදන්නා සහ දැන ගත්තත් නොදන්නා ලෙසින්ම ජීවත්වන" අමුතුම ජීවින් කොටසකි.
 අපි අපේ අම්මලාගෙ කිරි බී වැඩෙමු. මව් කිරි පෝෂ්‍ය ගුණයෙන් අනූනය. විෂ බීජ නසන සුළුය. ඇය ඒවා අපට පොවන්නේ ඇගේ ශරීරය පුරා උතුරා ගලන ආදරයත් සමඟ මුසු කරමිනි.
" මගේ පුතා මේ කිරි බී ඉක්මනට ලොකු වෙන්න ඕන" ඇය එහෙම සිතනවා ඇත. " බයි බයි බයි බයිය බබා  ඇය අප නලවන්නට ඇත.ශරීර ප්‍රමාණයෙන් කෙතරම් ලොකු මහත වුවද ඌ බයියෙක් නම් වැඩක් නැත.
අවිධිමත් පාලනයක් ඇති තවත් හිඟන රටක් වන බංග්ලාදේශයේ මුදල් ඇමතිතුමා ගැන බිඳක් පහතින්.

Mr. AHM Mustafa Kamal
Primary education from Dattapur Primary School, 
SSC from Bagmara High School in 1962, 
HSC from Cumilla Victoria Government College,
B.Com (Hons) degree from Chittagong Government Commerce College in 1964-1967. 
Master's degree in accountancy and law from the University of Dhaka,
1970, he obtained the first place in the merit list in the then All Pakistan Chartered Accountancy (CA) examination. He was the only Bengali to pass the Chartered Accountancy Examination in Pakistan.
He was a member of the Public Accounts Committee, a member of the Board of Investment, a member of the Privatization Commission, a member of the Parliamentary Standing Committee on the Ministry of Finance, a member of the Zakat Board and a member of the Senate of the University of Chittagong.

මේ අපේ රටේ ආර්තිකය හසුරුවන මුදල් ඇමතිතුමා 

 


කෙනෙකුට ඉන්ගිරිසිය මනාව හැසිරවීමට බැරි වීම ලැජ්ජාවට කාරණයක් නොවේ. ඒ ඉන්ගිරිසිය අපේ මව් බස නොවන නිසාවෙනි. එහෙත් රටේ මුල් පුටුවක් දරන්නාට බුද්ධියක් කියා දෙයක් තිබිය යුතුය.මොහු හිටපු මහවැලි ඇමති ගාමිණී දිසානායකගේ මහජන සම්බන්ධීකරණ නිලධාරියාය.2015 දී තම සහෝදරයා වූ මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව ඇමරිකාවට පැන ගත්තේය.
ඉහත වීඩීයෝව ප්‍රකාශට පත්වූ පසු සමාජ මාධ්‍ය වල.. කෙනෙක් කමෙන්ට් කර තිබුණේ "ඇමරිකාවේ ජීවත් වෙන කෙනෙකුගේ ඉන්ග්‍රීසිද මේ?" කියලාය.  ලංකාවේ බයියලා හිතාන ඉන්නේ ඇමරිකාවේ ජීවත්වන හැම බයියෙකුටම වතුර ගලන්නා වාගේ කඩ්ඩ පුළුවන් කියලාය.
මෙයා ඇමරිකාවේ සේවය කලේ ඉන්ධන පිරවුම් හලක නොහොත් පෙට්‍රල් ෂෙඩ් එකකය. එහෙම කියන කොට ඔබට සිහියට එන්නට පුළුවන් දෙපයට බාටා දෙකක් දාගත්තු කාකි ඇඳුමින් සැරසුණ බුලත් හපයෙක්. එහේ එහෙම නොවේය.
තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එක ඉන්ධන පොම්පයේම ඇති මැෂිමට ඇතුල් කිරීමෙන් තමන්ටම අවශ්‍ය පැට්‍රල් (ගෑස්) ටික පුරවා ගත හැකිය . නැත්නම් ඇතුලට ගොස් කැෂියර්ට මුදල් දී පොම්පයේ අංකය කී විට කැෂියර්ට ඇත්තේ අදාල පොම්පය විවෘත කිරීම පමණය.
Pump Number 3 , 10 dollars
කැෂියර්ට ඇත්තේ Thank You කියා මුදල් ටික ලාච්චුවට දා ගැනීමය. ඒ ඉංග්‍රීසි දැනුම ඒ රැකියාවට හොඳටම ප්‍රමාණවත්ය.