මැජික් බෝල

බබා අහනව දවසක් එයාගෙ අම්මිගෙන්..." අම්මි මම ආවෙ කොහේ ඉඳලද?"
" පුතා අපි අහුල ගත්තෙ රෝස කැලෙන්"
" මම රෝස කැලේට ආවෙ කොහෙන්ද ?"
" පුංචි සුරංගනාවියො දෙන්නෙක් පුතා ගෙනත් දාල තිබුණා. අපි අරන් ආවා"
පොඩි එකාට කියල දෙන්න පුළුවන් අම්මිගෙ බඩ ඇතුලෙන් ආවා කියල. ඒත් එතකොට අහයි බඩ ඇතුලට ගියේ කොහොමද කියල ප්‍රශ්න හැටයි.ඒව පහදන්න යනවට වැඩිය ලේසියි අර රෝස කැලේ කතාව කියල ඇඟ බේර ගන්න එක. කවද හරි ඉගෙන ගන්නෙ නැතෑ.
මේ විදියට ඔලුව කොලොප්පම් කර ගත්තු පොඩි උන් විශ්වාස කරනවා විජය කුමාරයා 700ක් පිරිවරත් එක්ක තම්බපන්නියට ආවා. එතකොට කුවේණි කපු කටිමින් හිටියාය කියන කතාව.  කපු  ?
මන්නාරම පැත්තේ මෑතක් වන තුරුම කපු වැව්වා කියල භූගෝල විද්‍යාව උගන්නපු සර් කිව්වා වගේ මතකයි. එදා තිබුණු ඒවා බොහොමයක් අද නෑ. ගිංතොට තුනී ලෑලි , බිබිලෙ දොඩම් , නාවල අන්නාසි.
කුවේණි කපු කටිමින් හිටි වග තහවුරු කරන්න මන්නාරමේ කපු වගා කලාද ?  මොකද කපු කටින යන්ත්‍රය සොයා ගෙන තියෙන්නේ 18 වන සියවසේ. කුවේණි අව්ව තපිමින් හිටියාය කියල කිව්ව නං..
මේව විශ්වාස කරන උන් මෝහිණී විශවාස කරනවා ඇහින් දැක්කා වගේ. රෑට පාළු පාරක ගෑනියක් ඉන්නවාලු බබෙක් වඩා ගෙන. පිරිමියෙක් දැක්කම බබා පොඩ්ඩක් ගන්න පුළුවන්ද  මගේ සාරිය හරියට ඇඳ ගන්නකන්.. පිරිමියා බැරි වෙලාවත් බබා වඩා ගත්තා නම් ගෑනි යකින්නියක් වෙලා මිනිහගේ බොටුව කඩා දානව.
" පුතේ ගඟේ නාන්න යන්න එපා . එතන බිලි ගන්නවා" කුඩ දරුවාට  පීනුම් ශාස්ත්‍රය උගන්වන්නේ නැතුව  ඒ වෙනුවට පොඩි එකා බය කරනව.
එහෙම සමාජයට එකතු වන අපතයෝ.. 
රාවණා නැගිටින තුරු බලන් ඉන්නවා. දියසෙන් කුමාරයා ඇවිත් රට හදන හැටි අපි 48 ඉඳන් බලන් ඉන්නවා. ඌ එන පාටක් නෑ.
රටේ පාලකයා යම් ගුප්ත බලයක් විශ්වාස කරනවා නම්  සෙසු මහජනයා පාලකයා අනුගමනය කරන්න දෙපාරක් හිතන්නේ නෑ.
මහජනයාට අත්‍යවශ්‍ය ආහාර-පාන, ඇඳුම්, බෙහෙත් ටික අඩු මුදලකට ගෙනත් දීල , කරන්න පුළුවන් පොරොන්දු දෙනව නම් ඔය මැජික් බෝල ගුලි කරන්න ඕන නැහැ.


    පකිස්ලන්තයේ හිටපු ජනාධිපතිතුමා අතේ ඇති ගුප්ත මැජික් බෝල.