බලන් කඩ තුරා හැර දෑසේ

ඔබ තවමත් රාජපක්සලාට කඩේ යනවාද ?


මෙම වීඩියෝව 2022 මැයි මස 02 වන ඇමරිකාවේ ABC නාලිකාවේ විකාශනය විය. 
දෙමළ කොටියා අවුරුදු 30 කදී කළ විනාශට වඩා වැඩි විනාශයක් මේ රාජපක්ෂ පවුල කර ඇත.
අපි තවමත් ගයමු...
"ලෝකෙන් උතුම් රට ලංකාවයි.. සිරි ලංකාවයි.."

අම්මගෙ රෙද්ද !
 ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ හම්බන්තොට ප්‍රදේශයේ ඩොලර් මිලියන ගණනක රෝහල් ව්‍යාපෘතියකට සම්බන්ධ වීමෙන් පසු සිදු කරන ලද දැවැන්ත මුදල් විශුද්ධිකරණ (money laundering)චෝදනා පිළිබඳ විමර්ශනයකට Aspen Medical නම් සමාගම මුහුණ පා සිටින බව, ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි සංස්ථාවේ (ABC) ප්‍රමුඛ ගවේෂණාත්මක පුවත්පත් කලා සහ කාලීන කටයුතු වැඩසටහනක් වන Four Corner විසින් තහවුරු කර ඇත. 

2012 වසරට අයත් ව්‍යාපෘතියක් වූ ඒ සඳහා එම සමාගම ඔස්ට්‍රේලියාවේ අපනයනය මූල්‍ය සහ රක්ෂණ ආයතනයෙන් (EFIC) ඩොලර් මිලියන 18.8 ක රක්ෂණ ඇපකරයක් මගින් ඕස්ට්‍රේලියානු රජයේ සහාය විධිමත් ලෙස ලබා ගෙන ඇත.

පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් EFIC ප්‍රකාශ කළේ, "රෝහලට උපකරණ සහ ඒ ආශ්‍රිත වෛද්‍ය සැලසුම් සහ යටිතල පහසුකම් සැපයීම" සමාගමට පැවැරී ඇති බව පදනම් කර ගෙන මෙම කැප වීම සිදු කළ බවයි.

කවදා හෝ කාට හෝ කිසියම් උපකරණයක් හෝ වෛද්‍ය සැපයුමක් සිදු කර තිබේ ද යන්න පිළිබඳව Four Corner විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම Aspen Medical සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන නෙදර්ලන්ත සමාගමක් වන EN-Projects තමන්ගේ උප කොන්ත්‍රාත්කරුවෙකු බවත්, එය “සැපයුම්කරුවන් 20 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගනිමින් රෝහල් ඉංජිනේරු සේවා කටයුතු ආවරණය කරන” බවත් සමාගමේ ප්‍රකාශයක සඳහන් වේ.

Aspen Medical සිදුකළ ප්‍රථම අභිරහස් ගනුදෙනුව...
කෙසේ වෙතත්, Aspen Medical සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගනුදෙනුව වූයේ, බ්‍රිතාන්‍ය-වර්ජින් දූපත්වල ලියාපදිංචි කළ Saber Vision Holdings නම් අභිරහස් සමාගමකට යුරෝ මිලියන 1.4 ක් (ඩොලර් මිලියන 2.1) ගෙවීමයි; එය ශ්‍රී ලංකා පොලිසියේ අවධානයට ලක් විය.

එය යුරෝ මිලියන 4.3 ක එක් කොටසක් වූ අතර, සමස්තයක් වශයෙන්, Aspen Medical, EN-Projects සහ ජර්මානු සමාගමක් වන Juga Bau GmbH විසින් එකී අක්වෙරළ සමාගමට ප්‍රේෂණය කරන ලද මුළු මුදල ඩොලර් ($ 759,000) ක් විය. එය අභව්‍ය සිද්ධියක් හෝ නීති විරෝධි කටයුත්තක ප්‍රතිඵලයක් යැයි පොලිසිය සැක කළේය.

රහසිගත හිමිකරුවා නාමල්ගේ නිමල් පෙරේරා..
දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා දේශපාලනයේ ආධිපත්‍යය දැරූ රාජපක්ෂ පවුලට සම්බන්ධ කුප්‍රකට අතරමැදියෙකු වන නිමල් පෙරේරා මෙම අක්වෙරළ සමාගමේ රහසිගත හිමිකරුවා විය.අගමැති පුත් නාමල් නාම්බා වෙනුවෙන් මුදල් එකතු කළ බවට ඔහු 2016 දී පාපොච්චාරණය කළ අතර එය නාම්බා අත්අඩංගුවට ගැනීමට හේතු විය.
 
රෝහල් ගනුදෙනුව ගැන පරීක්ෂණ කරන පොලිසිය, මුලින්ම පෙරේරාගේ පුද්ගලික බැංකු ගිණුම්වලට පැමිණ ඇති පැහැදිලි කළ නොහැකි මුදල්වල මූලාශ්‍රය ගැන ප්‍රශ්න කළේය. එවිට ඔහු ඔවුන්ට පැවසුවේ එම මුදල් ඉතාලි ව්‍යාපාරිකයකුගේ බවත්, ඔහුගේ ලිපිනයක් හෝ දුරකථන අංකයක් හෝ අනන්‍යතාව තහවුරු කළ නොහැකි බවත්ය.

Saber Vision Holdings ගැන තව දුරටත් විමසූ විට ඔහු පොලිසියට පවසා ඇත්තේ, තමන් එම සමාගම ගැන "කිසිවක් නොදන්නා" බවත්, "එය ඔහුගේ ඉතාලි මිතුරාට සම්බන්ධ සමාගමක් විය හැකි" යැයි තමන් විශ්වාස කරන බවත්ය.
බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වෙතින් පොලිසියට ආයතනික ලේඛන ලැබුණු විට, එම සමාගම නිර්නාමික ඉතාලි ව්‍යාපාරිකයෙකුට නොව, නිමල් පෙරේරාට අයත් එකක් බව පොලීසියට තහවුරු විය.

ඔහු පොලිසියට බොරු කීවේ ඇයි දැයි Four Corner විසින් පීඩනයට ලක් කළ විට පෙරේරා, “නැහැ, මට උත්තර දෙන්න අවශ්‍ය නැහැ, සමාවෙන්න” යැයි පැවසීය.
 
තමා කිසි දිනෙක සෞඛ්‍ය අංශයේ සේවය කර නොමැති බව තහවුරු කළ පෙරේරා, තමා සහ Aspen Medical සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, EN-Projects සමාගමේ නියෝජිතයෙකු ලෙස සේවය කර ඇති බවත් පැවසීය.